Thursday, April 25, 2024

General line - 0115112241

“වත්මන් පාලනය ද පෙරළා දැමිය හැකියි”




මහින්ද රාජපක්ෂ පාලනය මෙන් වත්මන් පාලනය ද පෙරළා දැමිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවති ජන හමුවක් අමතමින්.

එහිදී හෙතෙම පැවසුවේ රාජපක්ෂ පාලනය බිඳ වැට්ටවූ ජනතාවට වර්තමාන පාලනය බිඳ දැමීම එතරම් දෙයක් නොවන බවයි. ජනතාව අතේ ඇති බලය නිවරැදිව පෙළ ගස්වන්නේ නම් එය සිදු කළ හැකි බවත් සඳහන් කළා.

ලෝකයේ කුමන පාලනයක් ඇති වුව ද එය බිඳ දැමීමට ජනතාව සතු බලයට හැකි බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවේ.