Thursday, March 28, 2024

General line - 0115112241

වවුනියාවේ දෙමළ සහ මුස්ලිම් තරුණයින් දෙපිරිසක් ගැටෙයි (PHOTOS)




වවුනියාව, පුන්තෝට්ටම්, මදීනානගර් ප‍්‍රදේශයේදි මුස්ලිම් තරුණයින් හා දෙමළ තරුණයින් කණ්ඩායම් දෙකක් අතර ඊයේ (29) රාත‍්‍රියේ ගැටුමක් ඇති වී තිබෙනවා.

එම ගැටුමෙන් දෙමළ තරුණයින් දෙදෙනෙකු හා මුස්ලිම් තරුණයෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

දීපවාලි සැමරුම වෙනුවෙන් මත්පැන් පානය කොට ගමන් කළ දෙමළ තරුණයින් පිරිසක් ගමන්ගත් ත‍්‍රිරෝද රථයක් පෙරලී ඇති අතර, එහිදි අදාළ පිරිස බේරා ගැනීමට මුස්ලිම් තරුණයින් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදි දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබෙන අතර පසුව ගැටුමක් දක්වා එය වර්ධනය වි තිබෙනවා.

අදාළ ගැටුම ජාතිවාදි ගැටුමක් නොවන අතර, දෙපිරිසක් අතර සිදුවු සාමාන්‍ය ගැටුමක් වන බවද වවුනියාව පොලිසිය පැවසුවා.

dsc_0725 dsc_0728 dsc_0736 dsc_0737 dsc_0738 dsc_0739 dsc_0744 dsc_0746 dsc_0751