Saturday, April 20, 2024

General line - 0115112241

උතුරේ පොලිස් ලොක්කන්ට ප‍්‍රභාකරන් බලකායෙන් ලිපියක් – ලබා දෙන්නේ දින 21 ක් පමණයි ලු




උතුරු පළාතේ සේවය කරන සියලු ද්‍රවිඩ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් තර්ජනාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතයි. මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ ‘‘ ප‍්‍රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා කණ්ඩායමක් විසින්.

එහි දැක්වෙන්නේ යාපනය සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන තෙක් දෙමළ පොලිස් නිලධාරීන් තාවකාලිකව සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

උතුරු පළාතේ පොලිස් කාර්යාලයන්හි හා පොලිස් ස්ථානයන්හි රාජකාරී කරන දෙමළ නිලධාරීන් වෙනත් ප‍්‍රදේශයකට මාරු කරන ලෙසට ද අදාළ ලිපියෙන් බලපෑම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ලබාදෙන්නේ දින 21 ක් පමණක් බව ද එහි සඳහන්.

කෙසේ වෙතත් මෙම ලිපිය යොමු කළේ කවුරුන්දැයි සොයා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

(අදාළ දෙමළ ලිපියේ සිංහල පරිවර්තනයක් පහතින් දැක්වෙයි)

pr-abhakar-an-balakaya-1 pr-abhakar-an-balakaya-2

img_0646 img_0647