Sunday, September 22, 2024

General line - 0115112241

“නිව් ජැෆ්නා ඩොට් නෙට්” තාවකාලිකව අත්හිටුවයි




දමිළ මාධ්‍යයෙන් ක‍්‍රියාත්මක වන ‘‘නිව් ජැෆ්නා ඩොට් නෙට්’’ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ ඉකුත් 28 වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදි වෙබ් අඩවියට පිවිසීම මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේගෙන් විමසීමක් කළා. ඔහු ප‍්‍රකාශ කළේ යාපනය අධිකරණය කළ දැනුම් දීමකට අනුව මෙම අත්හිටුවීම සිදු කළ බවයි.

ඊට හේතු වී තිබුණේ අධිකරණය විවේචනය කරමින් පුවත් පළ කළ බව කියන සිද්ධියක්.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බලා අදාළ වෙබ් අඩවියේ කටයුතු යළි ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමට සූදානම් බවද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.