Sunday, September 22, 2024

General line - 0115112241

වකුගඩු ලෙඩේ විසඳන්න චීනයත් එයි




මෙරට ව්‍යාප්ත වන වකුගඩු රෝගයට බලපාන හේතු සෙවීම වෙනුවෙන් චීනය හා ශ‍්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා චීන රජය අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙයසි.

වකුගඩු රෝගය සඳහා පදනම් වන නිශ්චිත රෝග කාරක සෙවීම මේ යටතේ සිදුවන ප‍්‍රධාන කාර්යයක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හැකියාවන් ප‍්‍රවර්ධනය සඳහා ද්වීපාර්ශවික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම ද සිදුවනු ඇති.

වකුගඩු රෝගය ප‍්‍රාථමික අවධියේ දී හඳුනා ගැනීම මෙම අවබෝධතා ගිවිසුමේ මූලික පරමාර්ථයයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අදාළ වැඩපිළිවෙල පිළිබඳ සොයා බැලීම සඳහා චීන නියෝජිත කණ්ඩායමක් ලබන දෙසැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාවට පැමිණීමට ද නියමිත බවයි.

01