Sunday, September 22, 2024

General line - 0115112241

රටවල් 183ක් අතරින් ශ‍්‍රී ලංකාව 31 වන ස්ථානයට (PHOTOS)




2016 ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ 31 වන ස්ථානයට ශ‍්‍රී ලංකාව පැමිණ තිබෙනවා. ඒ, රටවල් 183 ක් අතරින්.

පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය හරහා මෙම සමීක්ෂණය සිදු කළා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

අදාළ දර්ශකයට අනුව ඉන්දියාව 133 වන ස්ථානයේ පසුවනවා. නේපාලයට හිමිව ඇත්තේ 77 වන ස්ථානයයි. භූතානයට 69 වන ස්ථානය හිමිව තිබෙනවා.

2016 ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ පළමු ස්ථානය ජර්මනියටත්, දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත් හිමි වුණා. ඕස්ටේ‍්‍රලියාව 03 වන ස්ථානයට පත්ව ඇති අතර ස්විස්ටර්ලන්තය සිවිවැනි ස්ථානයේත්, බි‍්‍රතාන්‍ය පස්වන ස්ථානයෙත් පසුවනවා.

සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියා නියුක්තිය, දේශපාලන සහ සිවිල් ක‍්‍රියාකාරීත්වය ඇතුළු කරුණු ඔස්සේ වයස අවුරුදු 15ත් 29ත් අතර පසුවන පිරිස් මෙම සමීක්ෂණයට යොදාගෙන තිබුණා.2016-global-youth-development-index-and-report-131 2016-global-youth-development-index-and-report-132 2016-global-youth-development-index-and-report-133 2016-global-youth-development-index-and-report-134 2016-global-youth-development-index-and-report-135 2016-global-youth-development-index-and-report-136 2016-global-youth-development-index-and-report-137 2016-global-youth-development-index-and-report-138 2016-global-youth-development-index-and-report-139 2016-global-youth-development-index-and-report-140 2016-global-youth-development-index-and-report-141 2016-global-youth-development-index-and-report-142 2016-global-youth-development-index-and-report-143 2016-global-youth-development-index-and-report-144 2016-global-youth-development-index-and-report-145 2016-global-youth-development-index-and-report-146