Thursday, April 25, 2024

General line - 0115112241

දංකොටුව පොලිසියේ 4කට ස්ථාන මාරුවීම්




දංකොටුව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ, මාඔයේ පිහිටි දූපතක වැලි ගොඩ දමන බෝට්ටු අත්අඩංගුවට ගැනීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් නියෝගයක් නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන්.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මාඔයේ දූපතක් තුළ වැලි ගොඩදමන බෝට්ටු 8ක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

එහෙත් අදාල නිලධාරීන් වැටලීම් සිදුකර අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝට්ටු 3ක් පමණයි.

සෙසු බෝට්ටු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරනතුරු අදාළ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.