Friday, March 29, 2024

General line - 0115112241

උපුල් තරංගගෙන් සිම්බාබ්වේට එරෙහිව ශතකයක්




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට උපුල් තරංග අද සමත් වුණා.

මෙය ඔහුගේ දෙවන ටෙස්ට් ශතකයයි. හතරේ පහර 10ක් සමගින් ඔහු නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 110ක්.

තරගයේ දෙවන දිනය වූ අද (30) පළමු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලූ පිතිකරුවන් ලකුණු 537කට දැවී ගියා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් රැස්කර සිටියා.