Sunday, September 22, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධියේ ඇත්ත හෙළි කරන්න ජවිපෙ සැරසෙයි




ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ දේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ පැවසුවේ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමුවැන්න හෙට (01) කොළඹදී පැවැත්වෙන බවයි.

අනුරාධපුර , කුරුණෑගල , නුවර , මාතර , බදුල්ල , යන නගරවල පළමුවටයේ මෙම සම්මන්ත‍්‍රණ මාලාව පවත්වන බවත් ඔහු පැවසුවා.

ශ‍්‍රී ලංකා මහබැංකුවේ ටෙන්ඩර් මණ්ඩලය තුළ බරපතළ ප‍්‍රශ්න ගණනාවක් පවතින බවද වසන්ත සමරසිංහ මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.