Sunday, September 22, 2024

General line - 0115112241

දුම්රිය ගේට්ටු මුරකරුවන් වර්ජනයේ – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක්




දුම්රිය ගේට්ටු මුරකරුවන් ඊයේ (30) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ, රජය එකඟ වී ඇති රුපියල් පන්දහසක වැටුප් වැඩිවීම ලබාදෙන ලෙස ඉල්ලමින්.

සමස්ත ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු නිමල් චන්ද්‍රසිරි පැවසුවේ රජය එකඟ වූ පන්දහසක වැටුප් නොදීම මෙම වැඩවර්ජනයට හේතුව බවයි.

වර්ජනය හේතුවෙන් වඩාත් පරීක්ෂාකාරී ලෙස දුම්රිය ධාවනය කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ට සහ නියාමකවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී විජය සමරසිංහ පැවසුවේ දුම්රිය සාමාන්‍යධිකාරීවරයාගේ උපදෙස් මත අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරන බවයි.

ඉවත්ව යන දුම්රිය ගේට්ටුකරුවන් වෙනුවට විකල්ප සේවකයන් යෙදවීමටත් කටයුතු සංවිධානය කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් සිදුව තිබෙනවා. ඒ, ගාල්ලෙන් අලූයම 4.15 ට කොළඹ බලා ගමන් ආරම්භ කරන දුම්රියක ඇති වූ දෝෂයක් හේතුවෙන්.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සෙසු දුම්රියන් ද ප‍්‍රමාද විය හැකි බවයි.