Friday, April 19, 2024

General line - 0115112241

වැඩි කළ වැට් බද්ද අද සිට




වැඩි වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද (01) සිට කි‍්‍රයාත්මකයි.ඒ අනුව සියයට 11ක්ව පවතින වැට් බද්ද සියයට 15ක් දක්වා වැඩි වනු ඇති.

කෙසේ වෙතත් පසුගියවර පැනවූ සියයට 15 වැට් බද්ද කි‍්‍රයාත්මක කිරීමට වඩා මෙවර වෙනස්කම් රැසක් ඊට ඇතුළත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ.

වැට් බද්ද සියයට 15ක් දක්වා වැඩි වුවද ජනතාවට ඉන් බරක් ඇති නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වැට් බද්ද සියයට 15ක් දක්වා වැඩි කිරීමට අදාළ වූ යෝජනාව ඉකුත් ඔක්තෝම්බර් 26 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමක් කළා.

එකතු කළ අගය මත බදු අය නොවන භාන්ඩ පහතින් දැක්වේ

unnamed

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ සඳහා ද කිසියම් හෝ ව්‍යාපාරිකයෙකු බදු අය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි ප‍්‍රකාශ කෙරුණේ.