Wednesday, April 24, 2024

General line - 0115112241

ශ‍්‍රී පාදය රැකගන්න මහනුවර සිට පාද යාත‍්‍රාවක්




ශ‍්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතියක් හේතුවෙන් එම සංවේදී පරිසර කලාපයට එල්ල වන අහිතකර බලපෑම්වලට විරෝධය පළ කරමින් මහනුවර සිට නල්ලතන්නියට විරෝධතා පාද යාත‍්‍රාවක් සංවිධාන කර තිබෙනවා. ඒ, සිංහලේ ජාතික බලමුළුව විසින්.

ඉදිකිරීමට අපේක්ෂා කරන හෝ දැනට ඉදිකර ඇති සියලු ඉදිකිරීම් ශ‍්‍රී පාදය ආශ‍්‍රිත සංවේදී පරිසර කලාපයෙන් ඉවත් කරගන්නා ලෙසට බලකෙරෙන බවයි එහි මහලේකම් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් සඳහන් කළේ.

මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දියඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමක ඉදිකිරීමට සූදානම් වන හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් ශ‍්‍රී පාදය ආශ‍්‍රිත සංවේදී පරිසර කලාපයේ ජීවත් වන වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව හා ශාක කොටස්වලට දැඩි බලපෑමක් එල්ල වන බවයි පරිසරවේදීන් පවසන්නේ.