Sunday, September 22, 2024

General line - 0115112241

ලසන්ත ගමන්ගත් රියේ තිබූ ඇඟිලි සලකුණු කාගේදැයි සොයයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වූදා ඔහු ගමන්ගත් මෝටර් රථයේ තිබී සොයාගත් ඇඟිලි සලකුණුවල අනන්‍යතාවය සොයා තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙනවා.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ මෝටර් රථයේ තිබී ඇඟිලි සලකුණු 3ක් හමු වී ඇති බවයි.

ඔහුගේ ඝාතනයට හමුදා බුද්ධි නිලධාරීන්ගේ ද කිසියම් සම්බන්ධයක් ඇති බවටයි දැන් සැක පළ වී ඇත්තේ.

ඒ හේතුවෙන් බුද්ධි නිලධාරීන් 280 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව දිනකට නිලධාරීන් 5 දෙනා බැගින් කැඳවා ප‍්‍රකාශ සටහන් කරගැනීමටයි තීරණය කර ඇත්තේ.