Sunday, September 22, 2024

General line - 0115112241

බැඳුම්කර පාඩුව පියව ගන්න රජයෙන් අලුත් නීතී




මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා නව නීති ගෙන ඒමට වුවද සූදානම් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා.

ඔහු කියා සිටියේ බැඳුම්කර ගනුදෙනුවේ සත්‍යතාවය අනිවාර්යයෙන්ම ජනතාවට හෙළි කළ යුතු බවයි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වුවද යා හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මහබැංකු ගනුදෙනුව ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස ඇතැමුන් විග‍්‍රහ කළ ද ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවූ වංචාව ඊට වඩා දැවැන්ත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.