Sunday, September 22, 2024

General line - 0115112241

සියලු සිගරට් අද සිට රුපියල් 5කින් ඉහළට




දුම්වැටි මිල ගණන් අද (01) සිට තවත් රුපියල් 5කින් ඉහළ යනවා. ඒ, වැට් බද්ද අද සිට කි‍්‍රයාත්මක වීම හේතුවෙන්.

ඒ අනුව දැනට රුපියල් 42ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. රුපියල් 42ට වඩා වැඩි මුදලකට අලෙවි කළ දුම්වැටි රුපියල් 5කට වඩා වැඩි මුදලකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ. එහි උපරිමය රුපියල් 10ක්.

මීට පෙර ද දුම්වැටියක මිල රුපියල් 7කින් වැඩි කිරීමට රජය තීරණය කළා. ඒ අනුව මාස 2ක් වැනි කාලයක් තුළ දුම්වැටියක මිල රුපියල් 12කින් වැඩි වී තිබෙනවා. එය කෙටි කාලයක් තුළ අවස්ථා 2කදී ශ‍්‍රී ලංකාවේදී දුම්වැටියක මිල වැඩි වූ ඉහළම ප‍්‍රතිශතය ද වනවා.