Sunday, September 22, 2024

General line - 0115112241

පොලිස්පති ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් වැඩසටහනක්




ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 150ක් සපිරීම නිමිත්තෙන් නැගෙනහිර පළාතේ සිදුකෙරෙන විශේෂ සැමරුම් වැඩසටහනක් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පැවැත්වෙනවා.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ පැවසුවේ මෙම උත්සව මාලාව නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන බවයි.

එහි මූලික පරමාර්ථය සියළුම ජනතාව එක්රැස්කරමින්, ප්‍රජා පොලිස් සංකල්පය ඉස්මතුකරමින්, ජනතාව සමග අන්‍යේන්‍ය සහයෝගයකින් යුතුව වැඩකිරීමේ ක්‍රමවේදය හඳුන්වාදී කටයුතු කිරීම බවයි ඔහු පැවසුවේ.

අද දිනයේ සිදුකෙරෙන විශේෂ කටයුතු පිළිබඳව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කරුණු දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.

මේ සඳහා මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ්.එම්. රේඩියෝවයි.