Sunday, September 22, 2024

General line - 0115112241

නෙත් රේඩියෝවේ දැවැන්ත මැදිහත් වීම තුළ ශ්‍රීපාද හෝටලයේ ඉදිකිරීම් නතර වේ




ශ්‍රී පාද අඩවියේ හෝටලයක් ඉදිකිරීමේ සූදානමක් ඇතැයි මුලින්ම අණාවරණය කළේ නෙත් එෆ් එම් රේඩියෝවයි. ඉන්පසුව එම භූමියේ ඉදිකිරීම් නිරීක්ෂණයට පිරිසක් කොළඹ සිට හෙලිකොප්ටර් යානයකින් පැමිණි බව නෙත් නිවුස් සහ www.nethnews.lk ඉන් අනතුරුව හෙළි කළා.

බොහෝ අය මෙම සිදුවීම වාර්තා නොකළ සමයක අදාළ හෙලිකොප්ටර් යානය ශ්‍රී පාද අඩවියට පැමිණ ඇති ආකාරයත් ඉස්ලාම් සංස්කෘතියට අදාළ ඇඳුම් ඇඳගත් මුස්ලිම් ජාතිකයින් බවට විශ්වාස කළ හැකි පිරිසක් අදාළ භූමියේ නිරීක්ෂණ කටයුතු වල නිරත වී සිටින ආකාරයත් දැක්වෙන Exclusive ඡායාරූප පෙළක්ද අප විසින් පළකරනු ලැබුවා.මෙම අනාවරණයන් හමුවේ සමාජ ජාල තුළ මෙම ප්‍රවෘත්තිය ඉතා සීග්‍ර ලෙස පැති ගියා.

ඉන් නොනැවතුණු නෙත් කණ්ඩායම මේ පිළිබඳව මුලින්ම මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කළා.
ඉන්පසුව එහි නිලධාරීන් අදාළ ප්‍රදේශයේ සංචාරයකද නිරත වුණා.

ඒ අනුව ශ‍්‍රී පාද අඩවිය ආසන්නයේ පිහිටි නල්ලතන්නිය පීක්ෆීල්ඞ් වතුයායේ ඉදිකිරීමට යෝජිත හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් නතර කර තිබෙනවා.

එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ පැවසුවේ ඊයේ (31) දිනයේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නිලධාරීන් විසින් මේ පිළිබඳ වතු අධිකාරීවරයාට දැනුම් දී ඇති බවයි.

මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දිය ඇල්ලට ආසන්න වතු යායේ ඇති පැරණි ගොඩනැගිල්ලක් කඩා අලුතින් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව අදාළ භූමියේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට අද (01) දිනය තුළ ලබා දී ලිඛිත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් ශ‍්‍රී පාදය ආශ‍්‍රිත සංවේදී පරිසර කලාපයේ ජීවත් වන වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව හා ශාක කොටස්වලට දැඩි බලපෑමක් එල්ල වන බවයි පරිසරවේදීන් පවසන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් පළමුව පරිසර අමාත්‍යංශයේ අවධානයට යොමුකළේ ද නෙත් නිවුස් විසින්. පසුව පරිසර අමාත්‍යංශයේ නියෝග මත මධ්‍යම පරිසර අධිකාරිය ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුවයි විශේෂ කණ්ඩායමක් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ.

අද (01) උදෑසන නෙත්. එෆ්. එම් බැලුම්ගල වැඩසටහනෙන් විකාශය කෙරුනේද අදාළ හෝටලය නිසා සිදුවිය හැකි පාරිසරික හා සංස්කෘතික හානි පිළිබඳවයි. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි අද පෙරවරුවේ නෙත්. එෆ්. එම් බැලුම්ගල වැඩසටහන තමා සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කළ බවද අප සමග කියා සිටියා. ඒ අනුව සිය මධ්‍යම පළාත් කාර්යාලය හරහා අදාළ ඉදිකිරීම නතර කරන ලෙස නියෝගයක් නිකුත් කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007 image-www-nethnews-lk00008 image-www-nethnews-lk00009