Sunday, September 22, 2024

General line - 0115112241

බැඳුම්කර නිසා ආණ්ඩුවට අර්ථසාධක අරමුදලට අත තබන්නට සිදුවන ලකුණු




මහබැංකු බැඳුම්කර සිද්ධිය හා ඊට අදාළව නිකුත් කෙරුණු කෝප් වාර්තාව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්. නෙත් එෆ්.එම්. ඊයේ රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඞ් වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් කෙරුණේ ද එහි වර්තමාන තත්ත්වය පිළිබඳවයි.

බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳ වැඩසටහනට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි ගෙන් අප විමසා සිටියා. ඔහු පෙන්වා දුන්නේ නිකුත් කර ඇති බැඳුම්කර මිලදී ගැනීමට පාර්ශවයන් ඉදිරිපත් නොවන තත්ත්වයක් ඇතිකිරීමට විපක්ෂයේ ඇතැම් පිරිස් උත්සාහ කරන බවයි. ඒ තුලින් රට යළිත් ආර්ථික අර්බුධයකට ලක් කිරීමේ අවශ්‍යතාවයක ඔවුන් පසුවනවා.

යම් ආකාරයකින් බැඳුම්කර සඳහා එවැනි අවදානමක් ඇති වුවහොත් මුදල් සොයා ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට රජයට සිදුවනවා. පසුගිය 2008 වසරේදීද මේ ආකාරයෙන් අර්ථසාධක අරමුදලට අතතැබීමට පැවති ආණ්ඩුවට සිදු වූ බවයි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

මේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අදාළ තත්ත්වය ඇතිවී හැකි ආකාරය පැහැදිලි කළ අයුරු

photo