Sunday, September 22, 2024

General line - 0115112241

CSN තහනම් කළාට දැමූ පෙත්සමෙන් 04කට නොතීසි




සී.එස්.එන්. නාලිකාවේ විකාශන අයිතිය තහනම් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රීට් පෙත්සම අභියාචනාධිකරණයේදී අද (01) කැඳවනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට එහිදී නොතීසි නිකුත් කෙරුණා.

ඒ අනුව අදාළ වගඋත්තරකරුවන්ට මේ මස 16 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

මෙම පෙත්සම මගින් ප‍්‍රකාශ කර ඇත්තේ කිසිඳු සාධාරණ විභාගයකින් තොරව සී.එස්.එන්. නාලිකාවේ විකාශන බලපත‍්‍රය අත්හිටුවා ඇති බවයි. අදාළ රීට් පෙත්සම ගොනුකර තිබුණේ සී.එස්.එන්. නාලිකාවේ සභාපති රොහාන් වැලිවිට විසින්.