Sunday, September 22, 2024

General line - 0115112241

දරුවන් නැති සොවින් 22 හැවිරිදි සැමියා මරුට




22 හැවිරිදි විවාහක තරුණයෙකු දරුවන් නොමැති සොවින් ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.

විවාහ වී වසර හතරක් ගතවූවත් දරුවන් නොමැති සොවින් සිය සැමියා පෙළෙමින් සිටි බවයි ඔහුගේ බිරිඳ පවසන්නේ.

ගලේවෙල -ඉබ්බන්කටුව ඉදන්නොලුවත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකර ගුණරතන නම් ‍මොහු  ඊයේ (31) රාත්‍රියේ මෙසේ ගෙල වැළලාගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව බිරිඳ වැඩි දුරටත් සඳහන් කළේ නිවසේ රැඳී සිටියදී එකවරම තම නිවසේ වහලයේ එල්ලා තිබු දරුවන් නලවන ඕන්චිල්ලාවක සාරි පොටකින් ඔහු ගෙල වැළලා ගත් බවයි.

ඒ අවස්ථාවේදී තමා මුළුතැන්ගෙට ගොස් පිහියක් රැගෙන විත් සාරිය කපා දැමීමට කටයුතු කළ බවත් පසුව ඥාතියෙකුට දුරකතනයෙන් කතා කර සිද්ධිය පැවසූ බවත් සඳහන් කළා.

කෙසේවෙතත් සැමියා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි අනාවරණය වී ඇත්තේ.