Sunday, September 22, 2024

General line - 0115112241

රනිල්ට පරදින්න දෙන්නෙ නැහැ – දයාසිරි




මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමට ආණ්ඩුවක් ලෙස සූදානම් බව ද අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියා.

එහිදී හෙතෙම සඳහන් කළේ “අගමැතිතුමාව පටලවා ගැනීම සාදාරණ නැහැ. ඒ තීන්දුව ගන්න ඕන මුදල් මණ්ඩලය. අගමැතිවරයා ලෙස එතුමා එතුමාගේ කාර්යභාරය කරලා තියෙනවා. කවුරුත් ආරක්ෂා කරන්න අගමැතිතුමාට අවශ්‍ය නැහැ. අගමැතිතුමාට විශ්වාසභංගයක් ගෙනාවොත් ඒකට මුහුණදීලා ආණ්ඩුවක් ලෙස අපි ඒක පරාජය කරනවා.” යනුවෙනි.