Sunday, September 22, 2024

General line - 0115112241

“ලොකු මිනිස්සු කියලා එයාලට නිදහසක් දෙන්න අපි ලෑස්ති නැහැ”




පසුගිය කාල සීමාව තුළ සිදු වූ සෑම දූෂණ සහ වංචාවක් සම්බන්ධයෙන්ම ලොකු පොඩි භේදයකින් තොරව නීතිය ක‍්‍රියාත්මක කරවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියා.

එහිදී හෙතෙම සඳහන් කළේ “සමහර තැන්වල කියනවා.. ඇමතිවරු නිසා එයාලව ගෙනියන්න බැහැ කියලා..ලොකු මිනිස්සු කියලා එයාලටත් නිදහසක් දෙන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීතිය සහ පරීක්ෂණ තදින්ම ක්‍රියාත්මක කිරීමට අපි බල කරනවා.” යනුවෙනි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව ලබාදුන් වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මෙහිදී පැවසුවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.