Sunday, September 22, 2024

General line - 0115112241

යාපනයේ සිසුන් ජනපති හා අගමැති සමග සාකච්ඡා




යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, ආචාර්යවරුන් සහ ශිෂ්‍ය නියෝජිත පිරිසක් අද (01) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.

පසුගිය දා සිදු වූ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

අද දින පැවති සාකච්ඡාවේ දී ශිෂ්‍ය නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා කඩිනම් කිරීමට ජනාධිපතිවරයා නීතිපතිවරයා වෙත උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අදාළ වාර්තාව ලැබුණු වහාම සිසුන්ගේ පවුල්වලට වන්දි ලබා දීමට ද ජනාධිපතිවරයා මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා.