Sunday, September 22, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන් තවමත් පාරේ




කොළඹ කොටුව ඕල්කට් මාවත අවහිර කරමින් අද (01) පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අබාධිත රණවිරුවන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිනවා.

තම විශ‍්‍රාම වැටුප සහ දීමනා ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළේ ඊයේ (31) උදෑසනයි.

කෙසේ වෙතත් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අද දිනයේ ද කොළඹ කොටුව ඕල්කට් මාවත අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. එම විරෝධතාව අත්හිටුවන ලෙස අධිකරණය අද පස්වරුවේ ලබාදුන් නියෝගයක් අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් වී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ද විමසීමක් කළා. එහිදී හෙතෙම පැවසුවේ එම පිරිස දැනට විශ්‍රාම වැටුපට නුසුදුසු තත්ත්වයක පවතින බවයි. ඒ හේතුවෙන් විශ්‍රාම දීමනාවක් ඔවුන්ට හිමිවන බවත් සඳහන් කළා. අදාළ කටයුතු සිදුවෙමින් තිබියදී ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බවත් පෙන්වා දුන්නා. කෙසේවෙතත්  දැනට ඔවුන්ට ලැබෙන රුපියල් 65000 ක වැටුපයි දීමනාවලටයි අමතරව ඔවුන් මෙම ඉල්ලීම සිදු කරන බවත් පැවසුවා.