Monday, October 2, 2023

General line - 0115112241

ශ්‍රී පාදයේ හදන්න යන හෝටලය ගැන විශේෂ සාකච්ඡාවක්




ශ‍්‍රී පාද රක්ෂිතය මායිමේ ඉදිකිරීමට නියමිතව තිබූ සංචාරක හෝටලය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පරිසර අධිකාරියේ දී අද (02) පැවැත්වුණා. එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි සඳහන් කළේ අදාළ සංචාරක හෝටලයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ නිලධාරීන් තමන්ට ලබාදුන් වාර්තාව පිළිබඳ මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි.

ශ‍්‍රීපාද රක්ෂිතය මායිමේ පිහිටි නල්ලතන්ණිය පීක්ෆීල්ඞ් වතු යායේ ඉදි කිරීමට යෝජිතව තිබූ හෝටල් ව්‍යාපෘතියක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ අත්හිටවනු ලැබූවා. ඒ, අදාළ ස්ථානය මධ්‍යම පළාත් අධ්‍යක්‍ෂ සුසන්ත වෙදගේ විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුවයි.

මෙම සංචාරක හෝටලයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නෙත් එෆ්.එම්. රේඩියෝවේ බැලූම්ගල වැඩසටහනින් ද කරුණු අනාවරණ කෙරුණා.