Thursday, April 25, 2024

General line - 0115112241

නොරොච්චෝලේ ii පද්දධතියට එක් කිරීම ඇරඹෙයි




බිඳ වැටුණු නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියර පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. කඩිනමින් අදාළ කොටස පද්ධතියට සම්බන්ධ කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ. විදුලිය බෙදා හැරීමේ කටයුතු මේ වනවිට බාධාවකින් තොරව සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඊයේ (01) රාත‍්‍රියේ ලක්ෂපාන බලාගාරයට අකුණු පහරක් වැදීමත් සමග සම්පේ‍්‍රෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියර ද අක‍්‍රීය වුණා. ඒ සමගම දකුණ, සබරගමුව පළාත් ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසක බිදුලි සැපයුම ද බිඳ වැටී තිබුණා.