Sunday, September 22, 2024

General line - 0115112241

ටිරාන් බලන්න මහින්දත් එයි




රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ ඔහුගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද (02) පස්වරුවේ එම බන්ධනාගාරය වෙත පැමිණි බවයි.

2006 වසරේ දී උතුරේ සහ නැගෙනහිර නිවාස ඉදිකිරීමට රාඩා ආයතනයට ලබාදුන් රුපියල් මිලියන 200 කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකු අධි චෝදනා ලබා සිටිනවා.

ඔවුන් ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහාධිකරණය අද නියෝග කළේ. මෙම විත්තිකරුවන්ට ඇප ලබාදීමට නම් සුවිශේෂ කරුණු තිබිය යුතු බව ද කොළඹ මහාධිකරණය කියා සිටියා.

ඒ අනුව ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂ කරුණු ලෙස විත්තිකරුවන් පෙන්වා දුන්නේ ඔවුන්ගේ රෝගී තත්වයන්. එහෙත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට පෙර ඊට අදාළ වෛද්‍ය වාර්තා පැමිණිල්ල විසින් පරීක්ෂා කර නීතිපතිවරයාගේ මතය දැනගත යුතු බව කොළඹ මහාධිකරණය කියා සිටියා.