Saturday, July 27, 2024

General line - 0115112241

අගමැති අල්ලස් කොමිසමට යන්නත් සූදානම්




ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එහිදී හෙතෙම පෙන්වා දුන්නේ කෝප් කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තමන් සෑම විටම ක‍්‍රියා කළ බවයි. ඇතැමුන් කෑ ගසන්නේ ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට බවත් එහිදී තමන්ට එරෙහිව ඇති නඩු දේශපාලන පලිගැනීම් ලෙස දකින බවත් කෝප් සිද්ධිය ලෝකයේ ලොකුම සොරකම ලෙස ඔවුන් දකින බවයි.

අවශ්‍යතාවක් ඇති වුවහොත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවේ පෙනී සිටීමට වුව ද තමන් පසුබට නොවන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.