Friday, April 26, 2024

General line - 0115112241

වැඩ ආරම්භ නොකරන ලෙස ලිඛිතව දන්වලා නැහැ – වතු පාලනාධිකාරිය කියයි




නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරිමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹිමට අද (02) එම වතුයායේ පාලනඅධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබාදෙනු ලැබුවා.

එහිදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන තෙක් ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ වැඩ ආරම්භ නොකරන ලෙසට තමන් වෙත ලිඛිතව දැනුම් දී නොමැති බවද අදාළ වතු පාලනාධිකාරිය පෙන්වා දුන්නා.

ශ්‍රීපාදස්ථානයට සමීප බව සඳහන් මෙම ස්ථානයේ යෝජිත ඉදිකිරීම් පිළිබඳව මේ වන විට රට පුරා ආන්දෝලනයක් මතුව තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම තුන්වන ගැනුම්කරුවකු ලෙස මීට සිවි වසරකට ප්‍රථම මිලදී ගෙන ඇති අතර හෙලිකෝප්ටරයක් මගින් ඔහු පැමිණෙන නිසා එය ගොඩ බැස්සවීමට ස්ථානයක් ද ඉදිකළ බවයි එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනවිරත්න සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම ඉදිකිරීම කිසිඳු ආකාරයකින් ශ්‍රී පාදාස්ථානයට අවමන් කිරීමේ අරමුණකින් සිදු නොකරන්නක් බවත් සඳහන් කළා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007 image-www-nethnews-lk00008 image-www-nethnews-lk00009 image-www-nethnews-lk00010 image-www-nethnews-lk00011 image-www-nethnews-lk00012 image-www-nethnews-lk00013 image-www-nethnews-lk00014 image-www-nethnews-lk00015 image-www-nethnews-lk00016 image-www-nethnews-lk00017 image-www-nethnews-lk00018 image-www-nethnews-lk00019