Sunday, September 22, 2024

General line - 0115112241

නැවුම් වෙනසක් සමගින් ‘නෙත්’ 11 වන වර්ෂ පූර්ණය සමරයි – ජනපති සහ අගමැතිගෙන් සුභ පැතුම්




ජාතියේ නාලිකාව, නෙත් එෆ්.එම් අද (03) සිය 11 වැනි වර්ෂ පූර්ණය සමරනවා.

එ් වෙනුවෙන් තබන කෙටි සටහනක් පහතින් දැක්වෙයි.

11 වන වර්ෂ පූර්ණය සමරන නෙත් එෆ්.එම් රේඩියෝවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එෆ්.එම් නාලිකා අතර පවතින අසීමිත තරගකාරීත්වය තුළ ප‍්‍රමූඛත්වය දිනා ගත හැක්කේ ශ‍්‍රවකයාට පූර්ණ ලෙස අවංක වීමෙන් බවයි එහි දැක්වෙන්නේ. නෙත් එෆ්.එම් රේඩියෝව සෙසු එෆ්.එම් නාලිකා අතර ප‍්‍රමුඛත්වයේ වැජඹීමෙන් පෙනී යන්නේ නෙත් එෆ්.එම් රේඩියෝව ගමන් කරන මග නිවැරදි එකක් යැයිද ජනාධිපතිවරයා පවසනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි.)

he-message

 

නෙත් එෆ්.එම් රේඩියෝව වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

11 වන වර්ෂ පූර්ණය සමරන නෙත් එෆ්.එම් රේඩියෝවට සිය හෘදයාංගම සතුට ප‍්‍රකාශ කරන බවයි මෙම සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.

මාධ්‍ය නිදහස නිවැරදි ලෙස භාවිත කරන ජනමාධ්‍ය ආයතනවලට තමාගේත් ආණ්ඩුවේත් ගෞරවය හිමිවන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

agamathi

විපක්ෂ නායක ආර් සම්බන්ධන්ද අද 11 වන වර්ෂ පූර්ණය සමරන නෙත් එෆ්.එම් රේඩියෝවට  සුභාශිංෂණ පළ කළා.

ඔහු කියා සිටියේ ජනතාවට නිවැරදි තොරතුරු ඉක්මනින්ම සන්නිවේදනය කිරීමේ කාර්යය නෙත් එෆ්.එම්. රේඩියෝව වඩා හොඳින් සිදුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

 

සිය ජනතා මෙහෙවර ඉටු කරමින් තව තවත් ශක්තිමත්ව පෙරට යාමට නෙත් එෆ්.එම් රේඩියෝවට ධෛර්ය ලැබේවායි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සුභාෂිංශන පළ කරනවා. නෙත් එෆ්.එම් රේඩියෝවේ 11 වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මෙලෙස සුභාෂිංශන පළ කළා.

නෙත් එෆ්.එම් යනු සෙසු මාධ්‍ය ආයතනවලටද පූර්වාදර්ශයක් බවයි ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසන්නේ. නෙත් එෆ්.එම්. රේඩියෝවේ 11 වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් සුභාෂිංශන පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.