Sunday, September 22, 2024

General line - 0115112241

රාජිතගේ ‘අාවා’ කතාවට ගෝඨාගෙන් පිළිතුරු




උතුරේ ‘ආවා’ කල්ලිය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (02) කළ ප‍්‍රකාශය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රතික්‍ෂේප කරනවා.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම යටතේ මෙම කල්ලිය ආරම්භ වූ බවයි. දැනටත් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන් පෝෂණය කළ පිරිස්වල අවශ්‍යතා අනුව දැයිද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සැකයක් මතු කළා.

මීට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ අමාත්‍යවරුන් කරන මෙවැනි ප‍්‍රකාශවලින් තමන්ට නොව අපහාසයක් සිදුවන්නේ සමස්ත හමුදාවට බවයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “දේශපාලන වශයෙන් මට පහර ගහන්න මේ වගේ ප්‍රකාශ කළාම සමස්ත හමුදාවටම පහර වදිනවා. හමුදාව මෙහෙම දේවල් කළේ නැහැ.” යනුවෙනි.