Sunday, September 22, 2024

General line - 0115112241

අලුත් පක්ෂය මහින්ද සමග සාකච්ඡාවකට සැරසෙයි




හිටපු අමාත්‍ය ජී.එල් පීරිස්ගේ සභාපතිත්වයෙන් අලුතෙන් ලියාපදිංචි කෙරුණු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා.

ජී.එල් පීරිස් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම නව පක්ෂය ලියාපදිංචි කළ බවයි.

එහිදී හෙතෙම පැවසුවේ වත්මන් රාජය පිළිබඳ විශාල අප්‍රසාදයක් ගොඩනැගෙමින් ඇති බවයි. අලුත් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග ඉතා සමීපව කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වන බවත් සඳහන් කළා. නුදුරු අනාගතයේදී මෙම පක්ෂය හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල කාර්යභාරයක් පැවරෙනු ඇති බවත් සඳහන් කළා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලෙස අලුතින් ලියාපදිංචි කෙරුණේ මීට පෙර පැවති අපේ ශී‍්‍ර ලංකා නිදහස් පෙරමුණයි. මල් පොහොට්ටුව එහි ලාංඡනය වනවා.