Friday, October 18, 2024

General line - 0115112241

අගමැති යයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (03) අලුයම හොංකොං බලා පිටත්ව ගියා.

කැතේ පැසිපික් ගුවන් යානයකින් අලුයම 12.15 ට පමණ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කටුනායකින් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවට සහභාගී වීම අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අපේක්ෂාව වනවා.

සමුළුව පැවැත්වෙන්නේ ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයන් සහ ජර්මානු ව්‍යවසායකයින් අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්.  අග‍්‍රාමාත්‍යවරයා සමග ගිය දූත පිරිසට අමාත්‍ය මලික් සමරවික‍්‍රමද එක්ව සිටිනවා.