Sunday, September 8, 2024

General line - 0115112241

ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වෙයි – හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබට නිවන් සුව




ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද පෙරවරුවේ හදිසි රෝගී තත්ත්වයෙන් එතුමා ශ්‍රී ජයවර්ධනපුර රෝහළට ඇතුළත් කළා.

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ මීට සුළු වේලාවකට පෙර දැයෙන් සමුගත් බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළා.

පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනිදා මොරටුවේදී උපත ලැබුවා. එ් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසයි.

සිය පියාගෙන් මෙන්ම ඉන්දිය ශාස්තී‍්‍රය ගුරුවරයෙකු වූ සිය වැඩිමහල් සොහෝදරයෙකුගෙන්ද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ආභාෂය ලැබුවා. ඔහුගේ මුල් නම වූයේ වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරායි.

පසුව අමරදේව යන ආරෝපිත නාමය ඔහුට යොදන්නේ ශී‍්‍ර ලාංකේය කලා ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින්. ඔහු ශ‍්‍රාවක සිත් තුළ සදා නොමැකෙන මතකයක් සටහන් කළා.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් මුල් අධ්‍යාපනය ලැබුවේ ශී‍්‍ර සද්ධර්මෝදය මිශ‍්‍ර පාසලෙන්. පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයෙන්, කළුතර විද්‍යාලයෙන් සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ඔහු ද්විතියීක අධ්‍යාපනය ලැබුවා. ලක්නව් හි පිහිටි බාත්කන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන්ද අධ්‍යාපනය ලැබූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ ගුවන් විදුලි සංස්ථාවටද එක්වුණා.

සිතාරය, තබ්ලාව, හාමෝනියම වැනි ශාස්තී‍්‍රය සංගීත භාණ්ඩ හැසිරවීමට පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ට තිබුණේ අපූර්ව හැකියාවක්. අශෝක මාලා චිත‍්‍රපටය සඳහා එහි සංගීත අධ්‍යක්ෂවරයා වූ මොහොමඞ් ගවුස් මාස්ටර් තම ප‍්‍රදාන වයලින් වාදකයා ලෙස යොදා ගත්තේද ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්.

සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතයද පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් සිය නිර්මාණ සඳහා නිර්ණාමාන්තමක ලෙස දායක කර ගත්තා.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන් විසින් දිනා ගන්නා ලද සම්මාන ගනණද ඉතා විශාලයි. පිලිපීන රමෝන්, මග්සයිසායි සම්මානය, ඉන්දියානු පද්ම ශී‍්‍ර සම්මානය, ශී‍්‍ර ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය සහ දේශමාන්‍ය සම්මානය එ්වායින් කිහිපයක්.

1967දී යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ මාලදිවයින් ජාතික ගීය සඳහා තනුව නිර්මාණය කළේද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්.

අභාවප‍්‍රාප්ත වන විට ඔහු පසු වූයේ 88 වැනි වියේයි.