Friday, October 18, 2024

General line - 0115112241

“බැඳුම්කර සිද්ධියෙන් දේශපාලනඥයින් ඉවත් විය යුතුයි” – ජනපති




බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් සහ මැදිහත්වීම්වලින් තොර වූ ස්වාධීන විනිශ්චයකට පැමිණීමට අධිකරණයට අවස්ථාව දිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එම අධිකරණ ක්‍රියාවලිය ස්වාධීනව සිදු කොට වරදකරුවන්ට දඬුවම් දීමට නොපැකිලව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මහරගම දැන් පැවැත්වෙන පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

බැඳුම්කර ගනුදෙනුව සහ ඒ තුළසිදු වූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා දේශපාලන අධිකාරිය මැදිහත් නොවී ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම තුළ ජනතා විශ්වාසය තහවුරු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

එහිදී බලපෑම්වලින් තොරව අධිකරණ ක්‍රියාවලියට සිය විමර්ශන පහසු වනු ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේ.