Sunday, September 8, 2024

General line - 0115112241

ඩොලරය 150 පන්නයි




ශී‍්‍ර ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය නැවත වැඩි වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට රුපියල් 150 යි ශත එකක් වනවා.

ශී‍්‍ර ලංකාවේ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ මිල මෙලෙස වැඩි වීමට හේතුව කුමක්දැයි නෙත් නිවුස් විමසීමක් කළා.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සහ ආර්ථික අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධානී ආචාර්ය ජනත් කුමාරසිංහ සඳහන් කළේ රට තුළට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩුවීම මත මෙම ඩොලරයක අගය වැඩි වී ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අඩු වී ඇති බවත් පෙන්වා දුන්නා.

ශී‍්‍ර ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ මිල වැඩි වීමෙන් රටේ ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

ඒ අනුව දේශීය වෙළඳපොලේ ආනයන භාණ්ඩවල මිල ඉහළ ගොස් එය රටේ උද්ධමනයට බලපෑම් එල්ලකර හැකි බවත් සඳහන් කළා. රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළ යනු ඇති බවද සඳහන් කළා.