Friday, October 18, 2024

General line - 0115112241

චීන තානාපතිට තමන් කවුදැයි රවී මතක් කරයි




ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂැන්ග් ලින්ග් තමන් සම්බන්ධයෙන් ඊයේ (02) කළ ප‍්‍රකාශයකට මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (03) ප‍්‍රතිචාර දැක්වුවා.

චීන තානාපතිවරයා කියා තිබුණේ චීනය ශ‍්‍රී ලංකාවට ණය ලබා දී ඇත්තේ වැඩි පොලියට බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක කරන ප‍්‍රකාශ හෙලාදකින බවයි.

මීට ප‍්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක කියා සිටියේ තමන් ශී‍්‍ර ලංකාවේ මුදල් අමාත්‍යවරයා මිස චීනයේ මුදල් අමාත්‍යවරයා නොවන බවයි.

එ් නිසා තමන් කටයුතු කරන්නේ ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතා අනුව බවද ඔහු පැවසුවා.

එහිදී “චීන තානාපති අපේ හොඳ මිත්‍රයෙක්. එහෙත් ඒ කරපු ප්‍රකාශය වැරදියි. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජයිකා ආයතනය වැනි තැන් වලින් සියයට 2 කට වඩා අඩුවට ණය අරං තියෙනවා.” යනුවෙන් පැවසුවා.