Sunday, September 22, 2024

General line - 0115112241

අමරදේවයන් වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට නිදහස් චතුරස්‍රයේදී සිදු වූ දේ (PHOTOS)




අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තිඛෙනවා.

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට එම දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ අද උදෑසන 10.00ට පමණයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවමංගල්‍ය පෙරහැරට එක්වුණා.

කිසියම් තැනැත්තෙකුගේ දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීම එම තැනැත්තාට කෙරෙන ගෞරවයක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් කලාකරුවෙකුගේ දේහය සම්පූර්ණ දිනයක් එහි තැන්පත් කර තැබෙන පළමු අවස්ථාව මෙය බවයි ප්‍රකට විචාරක නුවන් නයනජිත් පවසන්නේ.

මේ අතර නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කර තිබූ සියලූ බාහිර ප්‍රවර්ධන වැඩසටහන් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස තාවකාලිකව අත්හිටුවා තිඛෙනවා.

හෙට අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන අවස්ථාව මහානර්ඝ ගාන්ධර්ව නමින් සජීවී ලෙස ප්‍රචාරය කිරීමට ද නෙත් එෆ්.එම්. රේඩියෝව සූදානමින් පසුවනවා.

14937876_1346487235393526_1852982871_n 14937955_1346487238726859_889883693_n 14958783_1346487218726861_1699336299_n