Sunday, September 22, 2024

General line - 0115112241

ආවා කල්ලිය පසුපස යාපනයේ තැබෑරුම්




කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වගකීම් සහගතව අදහස් පළ කළයුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.

උතුරේ ක්‍රියාත්මක ආවා කල්ලිය හිටපු ආරක‍ෂක ලේකම්වරයා විසින් බිහි කළ එකක් බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉකුත්දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව කියාසිටියා.

දකුණේ නායකයන් උතුර ගැන සිතා කටයුතු කළ යතු බවත්,උතුරේ නායකයින් දකුණ ගැනත් සිතා කටයුතු කළ යුතු බව ඔහු මෙහිදී පැවසුවා.තමා සොයා බැලූ කාරණා අනුව හමුදාව මේ පිටුපස නොමැති බවත්,එවැනි යමක් තිබේ නම් ඔහු එය ප්‍රකාශ කළ යුතුව තිබුණේ මාධ්‍යට නොව කැබිනට් මණ්ඩළයට හෝ ආරක්ෂක අංශ වෙත බවයි ඔහු කියා සිටියේ.

උතුරු පළාතේ පවතින තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මෙම අදහස් පළ කළා.

ආවා කල්ලිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේෙ මෙවැනි සිදුවීම් දකුණේද සිදුවන බවයි. නමුත් දකුණේදී ඇතිවනවාට වඩා උතුරේදී ඇතිවන ප්‍රශ්ණ වෙනස්ම ආකාරයකට විග්‍රාහ වන බවද ඔහු පැවසුවා.

යාපනය නගරයේ පමණක් තැබෑරුම් 50 වැඩි ප්‍රමාණයක් ඇති බවත්,යාපනයේ තරුණයන් බහුතරයක් රැකියා විරහිත බවින් පෙලෙන බවත් මෙම කාරණා දෙකම එකතුවී සමාජ ප්‍රශ්ණයක් නිර්මාණය වී ඇති බවත් ඔහු පැවසුවා.