Thursday, April 25, 2024

General line - 0115112241

මීළඟ ඡන්දයට පෙර සිරගත වීමට නියමිත ‘මල් පොහොට්ටුවේ‘ පිරිසක් ගැන අජිත් පී පෙරේරාගෙන් හෙළිදරව්වක්




මතභේදාත්මක මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු කෝප් වාර්තාව සීමාසහිත බව එහි සාමාජිකයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

හිටපු අමාත්‍ය ජී එල් පීරිස්ගේ නායකත්වයෙන් යුත් පක්ෂයක් පසුගියදා ලියාපදිංචි කෙරුණා.මෙහි ලකුණ ලෙස මල් පොහොට්ටුව යොදාගන්නා බවයි පැවසුනේ.

කෙසේ වෙතත් අලුතින් නිර්මාණය වූ පක්ෂයේ වැඩි පිරිසක් මිළඟ ඡන්දයට පෙර සිරගත වීමට නියමිත බවත් එම නිසා ඡන්දය පිලිබඳ බියක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්.එහි සම්පූර්ණ හඬ පටය පහතින්..