Friday, April 26, 2024

General line - 0115112241

මහානර්ඝ ගාන්ධර්වයාගේ අභාවයට මාලදිවයින සොව පළ කරයි (UPDATE)




අභාවප‍්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන්ගේ අභාවය පිළිබඳ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් ශෝක පණිවුඩයක් යොමුකර තිබෙනවා.

අමරදේවයන් ශී‍්‍ර ලංකාවේ පමණක් නොව මාලදිවයිනේද ගෞරවාදරයට පාත‍්‍ර වූ කලාකරුවෙකු බවයි මාලදිවයින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

1972 වසරේදී මාලදිවයින් ජාතික ගීය සඳහා අමරදේවයන් සංගීතය සම්පාදනය කරමින් දැක්වූ දායකත්වයද මාලදිවයින් ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා.

අමරදේවයන් වර්තමානයේ මෙන්ම අනාගතයේදීද මාලදිවයින් ජනතාවගේ හදවත් තුළ රැඳී පවතිනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අවමංගල්‍ය සභාවේ කටයුතු මේ වන විට පැවැත්වෙනවා.

14955853_1243879165682282_3906307866943347093_n 14963368_1243879199015612_7813215830551203364_n


මහානර්ඝ ගාන්ධර්වයාගේ නික්ම යාමට නිදහස් චතුරශ්‍රය සූදානම්

Nov 5, 2016 @ 12:19

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා.

ඒ, කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයි.

කොළඹ සහ අවට ප්‍රදේශවලට අද උදෑසන මහවැසි ඇදහැලූණා. එහෙත් ඒ බවද නොසලකමින් බොහෝ පිරිස් අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා තවමත් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

අමරදේවයන්ගේ දේහය ආදාහනය කිරීම සඳහා චිතකය සූදානම් කිරීම ද මේ වන විට සිදුවනවා.

නිදහස් චතුරශ්‍රය අවට විශේෂ ධාවන සැලැස්මක් ද ක්‍රියාත්මක වනවා.

රට පුරා බොහෝ ස්ථානවල සුදු කොඩි ඔසවා තිඛෙන ආකාරය ද දැකගත හැකියි.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ප්‍රසිද්ධ උත්සවයකට අවසන් වරට සහභාගි වූයේ ඉකුත් ඉරිදා දිනයේයි.

එහිදී අමරදේවයන් සිය අවසන් පැතුම මෙලෙස වචනවලට පෙරලූවා.හඬපටය පහතින්..

අවමංගල්‍ය උත්සවය පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. එහි සජීව තොරතුරු මහානර්ඝ ගාන්ධර්ව නමින් සජීව ලෙස ප්‍රචාරය කිරීමට නෙත් එෆ්.එම්. රේඩියෝව සූදානමින් සිටිනවා.