Friday, October 18, 2024

General line - 0115112241

අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයේදී ජනපතිගෙන් පොරොන්දුවක් (VIDEO)




අමරදේවයන්ගේ නමින් කලා කේන්ද්‍රයක් පිහිටුවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

අමරදේවයන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් අද (05) පස්වරුවේ නිදහස් චතුරස‍්‍රයේ පැවති අවමංගල්‍ය උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“මම හිතනවා විශ්ව විද්‍යාල ක්‍ෂේත‍්‍රයේ , සෞන්ධර්ය ක්‍ෂේත‍්‍රයේ ප්‍රවීණයින්ට වගේම වර්තමානයේ කලාකරුවන්ට ඉමහත් වගකීමක් සහ යුතුකමක් පැවරෙනවා අමරදේවයන්ගේ හඬ සහ දැනුම සමග ඒ උතුම් ගුණාත්මක භාවයේ අගය අනාගතයට ගෙනයෑම සඳහා.

අමරදේවයන් සිහිපත්කරමින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑමට අපි බලාපොරොත්තු වෙනවා අමරදේවයන්ගේ නාමයෙන් විශේෂයෙන්ම අමරදේව කේන්ද්‍රයක් , කලා ආයතනයක් , ජාතික මධ්‍යස්ථානයක් පිහිටවන්නට”.

අමරදේවයන්ගේ මෙහෙවර කිසිදා මිය නොයන බවද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා.