Sunday, September 8, 2024

General line - 0115112241

“ආවා” කල්ලිය ගැන ආරක්ෂක අමාත්‍යවරයා කතාකරයි




උතුරේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය සමග දේශපාලන හා හමුදාමය සම්බන්ධතාවක් ඇති බවට ඇතිමුන් ගෙන යන ප‍්‍රකාශ ප‍්‍රතික්‍ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.

දශක 3ක කාලයක් පුරා පැවති ත‍්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව රට තුළ කිසිදු සංවිධානයකට හෝ පුද්ගලයෙකුට සාමයට බාධා කිරීමට හෝ නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එම කණ්ඩායමේ සාමාජිකයන් මේ වන විට ආරක්ෂක අංශ මඟින් හඳුනාගෙන ඇති බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ඔවුන් කෙටිකාලයක් තුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා උපරිම දඩුවම් ලබාදෙන බව පැවසුවා.

ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන්  දිනාදුන් නිදහස හා රට ආරක්ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේ .

බියගම ගෝනවල කැලණිතිස්ස මහා විද්‍යාලයේ අද (05) පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මේ බව කියා සිටියා.