Saturday, April 20, 2024

General line - 0115112241

පන්සල් වෙනුවෙන් ස්ථාවර තැන්පතුවක්




ගාල්ල දිස්ති‍්‍රක්කයේ සියලු වෙහෙර විහාරස්ථාන සඳහා රුපියල් ලක්ෂ දහසක ස්ථාවර තැන්පතුවක් ඇති කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන යටතේ ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ මෙම ස්ථාවර තැන්පතුව ඇති කිරීම හරහා වත්මන් ආණ්ඩුවට බලය පැවැතුනත් නැතත් වෙහෙර විහාරස්ථාන ආරක්ෂා වෙන බවයි.