Friday, April 19, 2024

General line - 0115112241

2500 දඩය 15000ක් වෙයි




වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අය කෙරෙන දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ බීමතින් රිය පැදවීමේ වරදට මෙතෙක් අය කෙරුණු රුපියල් දහසේ දඩය රුපියල් පහලොස් දහස දක්වා වැඩිකිරීමටද තීරණය කර ඇති බවයි.

රථවාහන අවම දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.මෙහි ඇති වරද කුමක්දැයි විමසූ ඔහු දඩ ගෙවීමට අවශ්‍ය නොමැති නම් වැරදි නොකර සිටින ලෙසද වැඩිදුරටත් පැවසුවා..