Friday, April 26, 2024

General line - 0115112241

අන්තවාදී ඉගැන්වීම් ගැන අධිකරණ ඇමැතිගේ ප්‍රකාශයට මුස්ලිම් කවුන්සිලයේ විරෝධය




ඇතැම් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල අන්තවාදී මත දරණ පුද්ගලයින් විසින් ඉගැන්වීම සිදුකරන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විරෝධය පළ කරනවා.

එහි සභාපති එන් එම් අමීන් සඳහන් කළේ එවැනි තත්වයක් පවතින්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් වහා විමර්ශන සිදු කළ යුතු බවයි.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ කියා සිටියේ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන අන්තවාදී මත දරණ පුද්ගලයින් මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි.

ශ්‍රී ලාංකිකයින් පිරිසක් අයි එස් සංවිධානය සමග සම්බන්ධ වී ඇති බවටද අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියා.

එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් සඳහන් කළේ මෙය පැරණි සිද්ධියක් බවයි.