Friday, April 26, 2024

General line - 0115112241

අයවැය වැඩි ඡන්දයෙන් ‘සම්මත වූ රහස ගැන‘ ඒකාබද්ධ විපක්ෂයෙන් හෙළිදරව්වක්




ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවිධ වරදාන සහ වරප්‍රසාද ලබාදී මෙවර අයවැය සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ප්‍රකාශ කළේ 2017 අයවැය ලේඛනය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුවද එය ජනතාවට වඩාත් අහිතකර ප්‍රතිඵල ගෙනදෙනු ඇති බවයි.

එමෙන්ම මෙය යහපාලන ආණ්ඩුවේ අවසන් අයවැය වනු ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මීට වඩා බලපෑමක් සිදු කිරීමට සූදානම් බවද රංජිත් ද සොයිසා මන්ත්‍රීරවරයා අවධාරණය කළා.

අයවැය දෙවන වර කියවීමේ පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්ද 107කින් සම්මත වුණා. එහිදී අයවැයට පක්ෂව 162ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 55ක් පමණයි.

මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.