Saturday, April 27, 2024

General line - 0115112241

ෂරියා නීතියට එරෙහි වූ මුස්ලිම් කතුන්ට මරණ තර්ජන




ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව අදහස් දැක්වූ උතුරු පළාතේ කාන්තා ක්‍රියාකාරි සංවිධාන කිහිපයක සාමාජිකාවන්ට මරණීය තර්ජන එල්ලවී තිඛෙනවා.

ඔවුන් එ් සම්බන්ධයෙන් උතුරේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ උතුරු පළාත් කාන්තා ක්‍රියාකාරිකයන්ගේ සංගමයේ සාමාජිකාවක් කියා සිටියේ ෂරියා නීතිය තුළින් මුස්ලිම්වරුන් දැඩි පෞරුෂත්වයක් ආරෝපණය කරගෙන සිටින බවයි.

ඊට තම සංගමය දැඩිව විරෝධය පළ කරන බැවින් මෙලෙස මරණීය තර්ජන එල්ලවී ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

වයස අවුරුදු 13 සම්පූර්ණ වූ මුස්ලිම් දැරියන් විවාහ කර දීමට ෂරියා නීතිය අනුව හැකියාව පවතිනවා.

එහෙත් රටේ පවතින නීතිය අනුව එය වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමිය යුතු බවයි උතුරු පළාත් කාන්තා ක්‍රියාකාරිකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එ් පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ප්‍රකාශ නිකුත් කිරීමත් සමගම අදාළ සංවිධානයේ සභාපතිවරිය ඇතුළු සාමාජිකාවන්ට දුරකතනයෙන් හා සමාජ මාධ්‍ය හරහා මරණීය තර්ජනද එල්ල වී තිඛෙනවා.