Thursday, April 25, 2024

General line - 0115112241

මොලේ උණ වාහකයෙකු නිසා කොළඹ නගරය අවධානමේ




ජැපනීස් එන්සෙෆලයිටීස් හෙවත් මොලේ උණ රෝග වාහකයෙකු ලෙස සැලකෙන කියුලෙක්ස් ජෙලිඩර්ස් නමැති කුඩා මදුරු විශේෂයක් කොළඹ නගරය පුරා සීඝ්‍රයෙන් බෝ වීමේ තත්වයක් මතුව තිඛෙනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේ කොළඹ මහ නගර සභාවේ කීට විද්‍යාඥයන් සිදු කළ සමීක්ෂණයකදී මෙය හෙළි වූ බවයි.

පවතින වැසි තත්වයත් සමග මෙම මදුරුවන් සීඝ්‍රයෙන් බෝ වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මොවුන් ඉතාමත් කුඩා දුඹුරු පැහැයකින් යුත් මදුරු විශේෂයක් බවත් පස්වරු 6ත් 10ත් අතර මොවුන් වඩාත් ක්‍රියාකාරී වන බව හඳුනාගෙන ඇති බවයි ඔහු පැවසුවේ.