Friday, March 29, 2024

General line - 0115112241

පොළොන්නරුවේ ඉපැරණිම සොහොන මතුවේ (PHOTOS)




අදින් වසර 2600ත් තුන්දහසත් අතර කාල වකවානුවකට අයත් පූර්ව ඓතිහාසික යුගයක ඉපැරණි සොහොන් බිමක් පොළොන්නරුවෙන් හමුවී තිඛෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේ පොළොන්නරුව ඇලහැර සිරිකඳුයාය කටුව ප්‍රදේශයේ සිදු කළ කැනීම්වලදී මෙම ඉපැරණි සොහොන් භූමිය සොයාගත් බවයි.

එය සංරක්ෂණය කිරීමේ කටයුකු මේ වන විට සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

පොළොන්නරුවෙන් පුරා විද්‍යාත්මකව හමු වූ ප්‍රථම ඉපැරණිම සොහොන ලෙස වාර්තා කිරීමටද පියවර ගන්නා බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන වැඩි දුරටත් සදහන් කළේය.

unnamed-7 unnamed-4 unnamed-5 unnamed-6